ලකුණු 136ක ජයග්රාහී ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තාන කණඩායම ලකුණු 114ට දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. රංගන හේරත් කඩුලු 6ක් දවා ගත්තේ ලකුණු 43ක් ප්රතිවාදීන්ට ලබා දෙමිනි.
ඒ අනුව ඔහු ටෙස්ට් කඩුලු 400 සීමාව ඉක්මවා ගිය අතර වමත් දග පන්දු යවන්නෙකු ටෙස්ට් කඩුලු 400ක් ලබාගත් පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්විය.
පාකිස්තාන කණ්ඩායමක් අබුඩාබි හි පැවැති ටෙස්ට් තරගයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වෙයි. එසේම නව නායක දිනේෂ් චන්දිමාල් ලබාගත් පළමු ටෙස්ට් තරග ජයද මෙය වෙයි.
ශ්රී ලංකාව පළමු ඉනිම 419/10
පාකිස්තානය පළමු ඉනිම 422/10
ශ්රී ලංකාව දෙවැනි ඉනිම 138/10
පාකිස්තානය දෙවැනි ඉනිම 114/10