ශ්රී ලංකාව හා පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් (10) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම තෙවැනි දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 11 ක් රැස්කරගෙන සිටියේය. රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ ප්රසන්න ජයවර්ධන අතට උඩපන්දුවක් ලබාදීමෙන් ලකුණු 9 ක් රැස්කරගෙන සිටි අහමඩ් ශෙසාඩ් දැවී ගියේය.
ඊයේ (09දා) දිනයේ තරගය නිමාකරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 318 ක් රැස්කරගෙන ශ්රී ලංකා කණ්ඩායම ප්රබල තත්වකයක සිටියද, සෙසු පිතිකරුවන් හයදෙනාම අද දිනයේ ලකුණු 70 ක් ඇතුළත දවාගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 223 ක් ඉදිරියෙන් සිට ලකුණු 388 කට දැවීගියේය.
පාකිස්තානු පළමු ඉනිම 165/10 (පන්දුවාර 63.5)
කුරාම් මන්සූර් 73 (පන්දු 136, 4x7, 6x1)
බිලාවල් බහට්ටි (නොදැවී) 24 (පන්දු 49, 4x3, 6x1)
මොහොමඩ් හෆීස් 21 (පන්දු 59, 4x4)
යුනිස් ඛාන් 13 (පන්දු 29, 4x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
නුවන් ප්රදීප් 62/3 (පන්දුවාර 18)
රංගන හේරත් 26/3 (පන්දුවාර 10.5)
ශමින්ද එරංග 25/2 (පන්දුවාර 14)
සුරංග ලක්මාල් 45/2 (පන්දුවාර 21)
ශ්රී ලංකාව පළමු ඉනිම 388/10 (පන්දුවාර 134)
මහේල ජයවර්ධන 129 (පන්දු 278, 4x15)
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 42 (පන්දු 88, 4x5)
කෞෂාල් සිල්වා 95 (පන්දු 221, 4x10)
දිමුත් කරැණාරත්න 32 (පන්දු 43, 4x7)
කුමාර් සංගක්කාර 26 (පන්දු 36, 4x4)
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 102/3 (පන්දුවාර 36)
රහට් අලි 131/2 (පන්දුවාර 36)
සයීජ් අජ්මාල් 56/2 (පන්දුවාර 34)
බිලාවල් බහට්ටි 80/1 (පන්දුවාර 22)
මොහොමඩ් හෆීස් 11/1 (පන්දුවාර 6)
පාකිස්තානය දෙවැනි ඉනිම 11/1 (පන්දුවාර 2.5)
කුරාම් මන්සූර් නොදැවී 2 (පන්දුවාර 10)
අහමඩ් ශෙසාඩ් 9 (පන්දු 7, 4x2)
ශ්රී ලංකාව පන්දු යැවීම
රංගන හේරත් 4/1 (පන්දුවාර .5)