ශ්‍රී ලංකාවේ පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නේපාල කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයේදී නේපාල යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්වූහ.
එම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත්තේ එක් ලකුණකින් වන අතර, තරගය පුරාම නේපාල ක්‍රීඩකයන්ගෙන් කැපීපෙනෙන දක්ෂතා පෙනෙන්නට විය.
මේ අනුව නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීමට අදාළව ඔවුන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පරිත්‍යාග කරනු ලැබුවේ ඔවුන්ගේ දක්ෂතාවද අගයමිනි.

