කුසල් හා ධනුෂ්කගේ ආරම්භයට වැස්ස හරස්වෙයි
ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්රීඩාංගණයේදී අද (29දා) පැවැති සිවුවැනි එක්දින තරගයේ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය කරන විට පන්දුවාර 18.1 ක් අවසනදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 127ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි ධනුෂ්ක ගුණතිලක ලකුණු 48ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 75ක් රැස්කරගෙන සිටියහ.
මෙය කුසල් රැස්කළ තෙවැනි එක්දින අර්ධ ශතකය වන අතර, ඉන් දෙකක් එංගලත්තයට එරෙහිව නොකඩවා රැස්කර තිබීමට විශේෂත්වයකි.
ධනුෂ්ක ගුණතිලක සමගින් කුසල් පෙරේරා ශ්රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඉනිමට ලකුණු 08ක් එක් වනවිට එක් ලකුණක් පමණක් රැස්කරගෙන සිටි කුසල් දුවද්දී දැවීයාමටක හසුව පිටියෙන් ඉවත්ව ගියේය.
කුසල් මෙන්ඩිස්
ධනුෂ්ක ගුණතිලක
ශ්රී ලංකාව මුලින්ම පිත්ත අතට ගනියි
ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර කෙනින්ටන් ඕවල් පිටියේ පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මොගන් ප්රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්රී ලංකාවට ලබාදුන්නේය. තරගය පැවැත්වෙන කෙනින්ටන් ඕවල් පිටිය අවට ප්රදේශයේ වැසිබර කාලගුණයක් පවතියි.
මෙම තරගය එංගලන්ත කණ්ඩායම ජයගත හොත් එක්දින තරගාවලියේ ජයත් එංගලන්තයට හිමිවෙයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

