සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (09දා) දිනයේ නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වනවිට කඩුලු 02 ක් දැවී ලකුණු 42 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එසෙක්ස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 116 ක් පසු පසින් සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්න ලකුණු 16 බැගින් රැස්කරගෙන සිටියි.
සිය පළමු ඉනිම ක්‍රීඩාකළ එසෙක්ස් කණ්ඩායම කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 412 ක් රැස්කර ඊයේ (09දා) ඉනිම අත්හිටුවූ අතර, ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 158 ක් ඉදිරියෙන් සිටීමට හැකිවිය.
එසෙක්ස් පළමු ඉනිම ප්‍රබල තත්ත්වයකට රැගෙන ආ ආරම්භක පිතිකරු ජයික් මිකල්බර්ග් ලකුණු 109 ක් හා අංක 04 පිතිකරු ටොම් වෙස්ට්ලි ලකුණු 108 ක රැස්කිරීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 132 ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ධම්මික ප්‍රසාද් කඩුලු දෙකක් දවාලීමට සමත්විය.
චෙල්ම්ස්ෆෝඩ්හි පෙරේදා (08දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු දිනයේදීම සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 254 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් (66) හා නිරෝෂන් දික්වැල්ල (53) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දක්ෂතා දැක්වූහ. එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් බෙයාර්ඩ් කඩුලු 04 ක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ඒ අනුව පෙරේදා (09දා) දිනයේදීම සිය පළමු ඉනිම ක්‍රීඩාකිරීමට එසෙක්ස් කණ්ඩායමට හැකිවූ අතර, ඔවුහු දිනය නිමා වනවිට කඩුලු 02 ක් දැවී ලකුණු 81 ක් රැස්කරගෙන සිටියහ.
ලකුණු පුවරුව