(Update)
විස්සයි20 තරගබිමේ අංක එක තහවුරුකරගෙන සිටින ඉන්දීය කණ්ඩායමට එරෙහිව පූනේහි අද (09දා) පැවති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 05 ක ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 101 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 18 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
ශ්‍රී ලංකා ජයග්‍රණය පහසුකළ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 35 කින් හා චාමර කපුගෙදර ලකුණු 25කින් දායක වූ අතර, මිලින්ද සිරිවර්ධන නොදැවී 21 ක් රැස්කරමින් ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
අශිෂ් හෙහරා හා රවින්ද්‍රන් අශ්වින් කඩුලු දෙක බැගින් දවාලමින් ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
මහාරාශ්ට ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18.5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරී