ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබයි
එංගලන්ත කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර ඊයේ (19දා) එංගලන්තයේදී පැවැති එක්දින තරගය පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
එංගලන්තය හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග පහ 5-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ජයගත්තානම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවන අතර සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.
දැන් කොදෙව් කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කර ලෝක කුසලානයේ මූලික වටයට පැමිණීමට සිදුව ඇත. කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු හතක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

