සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ඉන්දියාවේ අහමදාබාද්හිදී සර්දාර් පටෙල් ක්‍රීඩාංගණයේ අද (06දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු හයක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ඔවුහු පෙරමුණ ගත්හ.
ලකුණු 275ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ තරගයේ 44.3 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර යාමට සමත් වූහ. ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා වූ අම්බති රයිදු තම පළමු එක්දින ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 121ක් රැස්කිරීමට සමත් විය. ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන හිමිකරගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 274ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම සටනක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙනගිය මැතිව්ස් පන්දු 101කදී නොදැවී ලකුණු 92ක් රැස්කළේය. මෙය ඔහුගේ 135 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වූ අතර, මෙතෙක් එක්දින ශතයක් වාර්තා කර නොමැති ඔහුට මෙම තරගයේදීද තම 23 වැනි අර්ධ ශතකයෙන් පමණක් සෑහීමට පත්වීමට සිදුවිය. කෙසේ නමුත් මැතිව්ස් රැස්කළ එම ලකුණු සංඛ්‍යාවත් සමගින් මෙම වසරේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණට පැමිණියේය. (ලකුණු 838) එහි දෙවැනි ස්ථානයේ පසුවන කුමාර් සංගක්කාර ලකුණු 802ක් රැස්කරගෙන සිටියි.
පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේදී උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව කුසල් ජනිත් ජනිත්ට ලකුණු නොලබා පිටියෙන් ඉවත්ව යාමට සිදුවූ අතර, එම දැවීයාම 2001 වසරේ සිට මේ දක්වා ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු පළමු පන්දුවාරයේදීම දැවීගිය 12 වැනි අවස්ථාව විය.
මෙම තරගයේදී ඩිල්ශාන් ලකුණු 35ක් රැස්කළ අතර, එම ලකුණු සංඛ්‍යාවත් සමග ඔහු එක්දින ලකුණු 8500 (8525) සීමාව පසුකළ අටවැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්විය. සංගක්කාර ලකුණු 61ක් රැස්කිරීමට සමත්වූ අතර, ඔහු අද වාර්තාකරනු ලැබුවේ 87 වැනි එක්දින අර්ධ ශතකය වේ. එම අර්ධ ශතකයත් සමග ඔහු ලොව වැඩිම අර්ධ ශතක රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය පැමිණියේය. මෙහි පළමු ස්ථානයේ සචින් තෙන්ඩුල්කාර් (96) පසුවන අතර, ජැක් කාලිස් (86) තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන්ට අමතරව ධම්මික ප්‍රසාද් හා ඇන්ජලෝ මැතිව්ස් නව කඩුල්ලට ලකුණු 54 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ අතර, එය 2009 වසරෙන් පසු ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් නව වැනි හෝ දහවැනි කඩුල්ලට ගොඩනැගූ ඉහළම සම්බන්ධතාව වෙයි. දෙරට අතර පැවැත්වෙන තුන්වැනි තරගය ලබන ඉරිදා (09දා) හයිද්රාබාද්හීදි පැවැත්වේ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් සටන්කාමී ආරම්භයක්
ලකුණු 275ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායිමන් සිටින ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දුවාර 10ක් අවසන් වී එක් කඩුල්ලක් දැවී ලකුණු 33ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින ශිකර් දවාන් ලකුණු 15ක් (29) හා අම්බති රයිදු ලකුණු 8ක් (12) රැස්කරගෙන සිටියි.
ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු 18කී ලකුණු 8ක් (19) රැස්කරගෙන සිටි අජින්ක්‍යා රහානේ දැවීගියේය.
ඉන්දියාවට ලකුණු 275ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අහමදබාද්හිදී අද (06දා) ආරම්භවූ දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 274ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 275ක ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකා ඉනිම තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙනගිය මැතිව්ස් පන්දු 101කදී නොදැවී ලකුණු 92ක් රැස්කළේය. මෙය ඔහුගේ 23 වැනි එක්දින අර්ධ ශතකය විය.
පන්දුවාර 30ක් අවසන්වන විට ශ්‍රී ලංකාව 138-3
පන්දුවාර 30ක් අවසන්වන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 138ක් රැස්කරගෙන සිටියි. නායක ඇන්ජලෝ මැතිවස් සමගින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටින කුමාර් සංගක්කාර මේ වනවිට ලකුණු 56ක් (78) රැස්කරගෙන සිටින අතර, සංගා අද රැස්කරනු ලැබුවේ තම 87වැනි එක්දින අර්ධ ශකයකයි. ඔහුට අමතරව මැතිව්ස් ලකුණු 35ක් (55) රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 74ක් මේවන විට එක්කර ඇත.
පන්දුවාර 20ක් අවසන්වන විට ශ්‍රී ලංකාව 90-3
පන්දුවාර 20ක් අවසන්වන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු තුනක් දැවී ලකුණු 90ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින කුමාර් සංගක්කාර ලකුණු 29ක් (49) හා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 15ක් (24) රැස්කරගෙන සිටියි. සංගා මෙම ඉනිමේදී ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු දහසේ සීමාව පසුකර යාමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 35ක් (30) රැස්කරගෙන සිටි ඩිල්ශාන් මුලු ලකුණු 55දී (පන්දුවාර 10.3) ආක්ෂාර් පටෙල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීගියේය. ඉන් අනතුරුව තවත් ලකුණු නවයක් එක්වන විට තෙවැනි කඩුල්ල ලෙස ජයවර්ධන මුලු ලකුණු 64දී (පන්දුවාර 13.5) අශ්වින්ගේ පන්දුවක් හමුවේ අම්බති රයිදු අතට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය. ඒ වනවිට මහේල ලකුණු 4ක් (11) රැස්කරගෙන සිටියේය.
පන්දුවාර 10ක් අවසන්වන විට ශ්‍රී ලංකාව 53-1
පළමුව පන්දුවට පහදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10ක් අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 53ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින තිලකරත්න ඩිල්ශාන් ලකුණු 33ක් (27) රැස්කරගෙන සිටින අතර, කුමාර් සංගක්කාර ලකුණු 14 (27) රැස්කරගෙන සිටියි.
කුසල් ජනිත් සමගින් ඩිල්ශාන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, පළමු පන්දුවාරයේදීම කුසල් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට උමේෂ් යාදව් සමත්විය. මුලු ලකුණු හතරක් වනවිට එම කඩුල්ල බිඳවැටිණ. ඩිල්ශාන් අද තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 4500 කඩයිම පසුකිරීමට සමත්විය.
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අහමදබාද්හිදී අද (06දා) ආරම්භවූ දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයේ කණ්ඩායමේ දෙකේම එක් වෙනස්වීමක් සිදුව ඇත. ඒ පළමු තරගයට ක්‍රීඩාකළ උපුල් තරංග වෙනුවට කුසල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායමටද, වරුන් ආරෝන් වෙනුවට රවින්ද්‍ර ජඩේජා ඉන්දීය කණ්ඩායමටද කැඳවා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් ජනිත් පෙරේරා, තිලකරත්න ඩිල්ශාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් (නායක), අශාන් ප්‍රියන්ජන්, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, සුරාජ් රන්දිව්, ළහිරු ගමගේ
ඉන්දීය කණ්ඩායම
ශිකර් දවාන්, අජින්ක්‍යා රහානේ, විරාට් කෝලි (නායක), අම්බාති රයිදු, සුරේෂ් රයිනා, රිද්දිනම් සහ, රවින්ද්‍ර ජඩේජා, ආර්.අශ්වින්, අක්ෂාර් පටෙල්, උමේෂ් යාදව්, ඉශාන්ත් ශර්මා