ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට කුඩුලු 07ක ජයක්
ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (07දා) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයෙන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 07ක ජයක් හිමිවිය.
කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 107ක ඉලක්කයක් ඉන්දියානු කණ්ඩායමට ලබා දුන්හ.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු ක්‍රීඩිකාවන් ලකුණු 107ක ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී, පන්දුවාර 18යි පන්දු 5කදී ලකුණු 110ක් ලබාගනිමින් පසුකර යෑමට සමත් විය.
එහිදී ඉන්දියානු කණ්ඩායමේ වේදා ක්‍රිෂ්ණමූර්ති ලකුණු 29ක් සහ හර්මන්ප්‍රීට් ඛාර් ලකුණු 23ක් ලබාගැනීමට සමත් වූ අතර පන්දු යැවීමෙන් එට්කා බිෂ්ට් කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිතෙන් දස්කම් දැක්වූ හසිනි පෙරේරා පන්දු 43කදී ලකුණු 46ක් සහ යශෝදා මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 27ක් රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා දුන්නද අනෙකුත් ක්‍රීඩිකාවන් අසාර්ථක විය. පන්දු යැවීමේදී උදේසිකා ප්‍රබෝධනී, ඕෂදී රණසිංහ සහ නිලක්සි ද සිල්වා අතර කඩුලු එක බැගින් බෙදී ගියේය.
තරයේ වීරයා සම්මානය පන්දු 16කදී ලකුණු 19ක් සහ එක් කඩුල්ලක් දවාගත් ඉන්දියානු ක්‍රීඩිකා අංජුලා පටෙල් හිමි කරගැනීමට සමත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

