බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 12කින් පරාජයට පත්විය.
ලකුණු 291ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 278ක් පමණි. පන්දුවාර 48.1කදී ශ්රී ලංකා ඉනිම අවසන් විය. කුසල් පෙරේරා හා තිසර පෙරේරා අර්ධ ශතක රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ජයග්රහණය කරා රැගෙන යාමට උත්සාහ කළත් එය ප්රමාණවත් නොවුණි.
නායක ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල්ද ලකුණු අතරට පිවිසීමට සමත්වූහ. ටෙන්ඩායි චටාරා කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය.
ඔහුගේ අවසන් පන්දුවාර තුනේදී ඔහු කඩුලු තුනක් බිඳ දැමීමට සමත්වීම සිම්බාබ්වේ ජයග්රහණයට අඩිතාලම විය.