ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය තුළදී දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා එංගලන්තය යන ප්‍රභල රටවල් පරාජය කළ පාකිස්තාන කණ්ඩායම ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ඔවුන් අටවැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම හත්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා පහත බැස තිබේ.
ඊයේ (14දා) යාවත්කාලීන කළ ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාවට අංක එක හිමිව තිබෙන අතර දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව හිමිකරගෙන සිටියි. බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ස්ථාන දෙකක් ඉදිරියෙන් සිටින්නේ හය වැනි ස්ථානය ලබාගනිමිනි.