(UPDATE) පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තීරණාත්මක තරගය කඩුලු තුනකින් ජය ගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම තරගයේ පරාජයට මූලිකම හේතුව විය. තරගයේ තිරණාත්මක අවසථාවේදී පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් මාලිංගගේ පන්දුවකට ලබාදුන් පහසු උඩපන්දුවක් තිසර පෙරේරා අතින් ගිලිහී ගිය අතර මාලිංගගේ ඊළග පන්දුවාරයේදිම සෆ්රාස් ලබාදුන් තවත් උඩපන්දුවක් සීක්කුගේ ප්‍රසන්න අත්හැරියේය. ඊට අමතරව ශ්‍රී ලංකා පන්දු යැවීම ආරම්භ කරමින් ලසිත් මාලිංග යොමුකළ පළමු පන්දුවාරයේදී ධනුෂ්ක ගුණතිලකද උඩපන්දුවක් අත්හැරියේය. තීරණාත්මක දුවද්දී දැවී යෑම් දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට මගහැරුණු.
පාකිස්ත්න කණ්ඩායම ලකුණු 162කට කඩුලු හතක්ව පවතින විට නායක සෆ්රාස් අහමඩ් හා මොහොමඩ් අමීර් නොබිඳුණු ලකුණු 75ක සබඳතාවක් ගොඩනගමින් තරගය ජයගත්තේය. ඒ අනුව ඔවුන් අවසන් පූර්ව තරගයටද සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 237ක ඉලක්කය හඹා යමින් සිටින පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 17කදී කඩුලු තුනකට ලකුණු 99ක් රැස්කරගෙන සිටියි. පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 74දී දැවී ගියේය.
දැවී ගිය ක්‍රීඩකයන්
ෆක්හාර් සැමන් 50
බාබර් අසාම් 10
මොහොමඩ් හෆීස් 01
පාකිස්තානයට ලකුණු 237ක ඉලක්කයක්
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවි ලකුණු 236ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 237ක ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ ඉනිමද එක් ලකුණකට අවසන් විය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 36කදී කඩුලු 7ට ලකුණු 174ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලකුණු 13කදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් බිඳී ගියේය.
දික්වැල්ලත් දැවී යයි
ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු රැස්කරගෙන සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු මොහොමඩ් අමීර්ගේ පන්දුවක් හමුවේ සෆ්රාස් අහමඩ් ලබාගත් දක්ෂ උඩපන්දුව හේතුවෙන් පිටියෙන් ඉවත්විය. ඔහු ලකුණු 73ක් රැස්කරගෙන සිටියේය. තිසර පෙරේරා හා අසේල ගුණරත්න පිටියේ නොදැවී රැඳී සිටිති.
නායක මැතිව්ස්ගේ හා ධනංජයගේ ඉනිම් අවසන්
ලකුණු 39ක් රැස්කරගෙ සිටි නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම අවසන් කිරීමට මොහොමඩ් අමීර් සමත්විය. ඒ ඔහු යොමුකළ පන්දුවක් පිත්තේ දැවටී කඩුල්ලේ වැදීමෙනි. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඔහුගේ පළමු කඩුල්ල මෙය වෙයි. මැතිව්ස් හා දික්වැල්ල සිව්වැනි කඩුල්ලට පන්දුවා 16.1කදී ලකුණු 78ක සබඳතාවක් ගොඩනැංවීය. නව පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජයද සිල්වාද එක් ලකුණක් රැස්කරගෙන සිටියදී ජුනයිඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහම්ඩ්ට උඩපන්දුවක් ලබාදෙමින් පිටියෙන් ඉවත්විය. නව පතිකරු ලෙස අසේල ගුණරත්න පිටියට පිවිසියේය.
නිරෝෂන් දික්වැල්ල 73*
දික්වැල්ල අර්ධ ශතකය ලබයි
සිය එක්දින දිවියේ සිවුවැනි අර්ධ ශතකය රැස්කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය. ඒ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22ක් අවසානයේදි කඩුලු තුනකට ලකුණු 106ක් රැස්කරගෙන සිටියි.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7 (පන්දු 24)
චන්දිමාල් දැවී යයි
නැවත වරක් අසාර්ථක වෙමින් සිටින දිනේෂ් චන්දිමාල් පාකිස්තායට එරෙහිව පැවැත්වෙන තරගයේදීත් ලකුණු නොලබා දැවී ගියේය. ෆාහිම් අක්රම් යොමුකළ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය. මුළු ලකුණු සංඛ්‍යාවය 83දී ඔහුගේ ඉනිම අවසන් විය.
චන්දිමාල් අවසන් එක්දින ඉනිම 10දී ලකුණු රැස්කළ අයුරු 05, 01, 22, 36, 04, 59, 24, 21, 12, 0
කුසල්ගේ ඉනිම අවසන්
ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 27ක් රැස්කරගෙන සිටියදී හසන් අලීගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ඒ මුළු ලකුණු සංඛ්‍යාව 82 (පන්දුවාර 14.5)දීය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 40ක් රැස්කරගෙන සිටියි.
ගුණතිලකගේ ඉනිම අවසන්
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 13කට දැවී ගියේය. ජුනයිඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ෂොයිබ් මලික් වෙත උඩපන්දුවක් ලබාදෙමින් ඔහු පිටියෙන් ඉවත්විය. පන්දුවා 5.1ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 26ක් රැස්කරගෙන සිටියි.
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අද (12දා) කාඩිෆ්හී සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ විණි.
කාසිය වාසිය දිනාගත් පකිස්තානු නායක සර්ෆ්රාස් අහමඩ් පළමුව පන්දු රැකීම තොරාගත්තේය.
පකිස්තානය වෙනුවෙන් දඟ පන්දු යවන ශදාබ් කාන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ෆාහිම් අෂ්රෆ් කණ්ඩායමට කැඳවා තිබෙන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අබාධයකට ලක්වූ කුසල් ජනිත් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට නම් කර තිබේ.
මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.