(Update)
රවිචන්ද්‍රන් අශ්වින්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර විසාඛාපට්නම්හි අද(14දා) පැවති තෙවැනි අවසන් අවසන් තරගයෙන් කඩුලු 09ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තරග 2-1 ක් ලෙස තරගාවලිය ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.
මෙහි පළමු තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, දෙවැනි තරගය ලකුණු 69 කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 83ක පහසු ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ 13.5 වැනි පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දීය පිතිකරුවෝ සමත්වූහ.
ශිකර් දවාන් ලකුණු 46 ක් හා අජින්ක්‍යා රහානේ ලකුණු 22 ක් රැස්කරමින් ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර, ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 55 ක නොබිදුණු සබඳතාවක් ගොඩනැගූහ. දැවීගිය පිතිකරුවා වූ රෝහිත් ශර්මා ලකුණු 13 ක් රැසකළ අතර, දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ඔහු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 82කට සීමාවෙයි
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 82කට සීමාකිරීමට ඉන්දීය පන්දු යවන්නෝ මීට සුළු මොහොතකට පෙර සමත්විය.
මෙම ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි20 තරග බිමේ දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව විය. 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව්හි පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 87කට සීමාවීම මීට පෙර ශ්‍රී ලංකාව දැවීගොස් තිබූ අඩුම ලකුණු සංඛ්‍යාව විය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුව ඇත. ඒ අනුව පළමු තරගයට ක්‍රීඩාකළ නිරෝෂන් දික්වැල්ල නැවත මෙම තරගයට කැඳවා ඇති අතර, අසේල ගුණරත්නද කැඳවා ඇත. අසේල ක්‍රීඩාකරන පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගය මෙය වේ. ඔවුන් දෙදෙනාට අමතරව වසර පහකට පසු දිල්හාර ප්‍රනාන්දුද ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත.
පළමු තරග දෙකේ අසාර්ථක වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා fදෙවැනි තරගයේදී දස්කම් අතරට නොපැමිණි කසුන් රජිතට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇත. ඊට අමතරව ආබාධායක් හේතුවෙන් චාමර කපුගෙදරද මෙම තරගයට නම්කර නොමැත.
කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදුව නොමැත.
ශ්‍රී ලංකා කණ්ඩායම
නිරෝෂන් දික්වැල්ල, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල් (නායක), අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, දසුන් ශානක, සචිත්ර සේනානායක, දිල්හාර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර
ඉන්දීය කණ්ඩායම
රෝහිත් ශර්මා, ශිකර් දවාන්, අජින්කේ රහානේ, සුරේෂ් රයිනා, යුවරාජ් සිං, එම්.එස්. දෝනි (නායක), හාදික් පැදියා, රවින්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, ජස්ප්‍රීට් බුම්රාහ්, අශිෂ් නෙහරා
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විසාකාපට්නම්හිදී අද (14දා) ආරම්භ වූ තෙවැහි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනාකළේය. තරගය අද රාත්‍රී 7.30 ආරම්භවීමට නියමිතය.
මෙම තරගාවලිය තරග 1 -1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවේ. දෙරටේ ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේදී ඉන්දීය කණ්ඩායමක් පරාජය කර තරගාවලි ජයක් ලබා නොමැත. එමෙන්ම ඉන්දීය කණ්ඩායමක් මෙතෙක් ඉන්දියාවේදී විස්සයි20 තරගාවලියක් පරාජය වී නොමැත.