සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 300ට වඩා ශ්රී ලංකාව තවත් කඩුලු 9ක් අතැතිව ලකුණු 13ක් පසුපසින් සිටියි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 253ක් රැස්කළ අතර කොදෙව් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් ලකුණු 300ක් රැස්කළේය.
ළහිරු කුමාර කඩුලු 4ක්, කසුන් රජිත කඩුලු 3ක් හා සුරංග ලක්මාල් කඩුලු 2ක් දවා ගැනීමට සමත්විය. අද තරගයේ සිව්වැනි දිනයයි.