සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා ක්රීඩකයන් පන්දුව පළුඳු කළ බවට එල්ල වන චෝදනා ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රතික්ෂේප කර තිබේ. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කිසිඳු ක්රීඩකයෙක් එවැනි වරදක් කර නොමැති බවට කණ්ඩායම් කළමණාකාරිත්වය ක්රිකට් ආයතනයට දැන්වූයේ යැයිද ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ශ්රී ලංකාව පන්දුව පළුඳු කළ බවට එල්ලවූ චෝදනාවට විරෝධය දක්වමින් තෙවැනි දිනය ආරම්භ කරන විට පැය දෙකකට ආසන්න කාලයක් තරගය ආරම්භ කිරීම පිටියට නොපැමිණියේය.
ඉන් අනතුරුව ක්රිකට් ආයතනය තරගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට කණ්ඩායමට දැන්වීමෙන් පසුව නැවතත් තරගය ආරම්භ කිරීමට කණ්ඩායම පිටියට පිවිසියේය.
එසේම මෙම චෝදනා එල්ල වී ඇති ඕනෑම ක්රීඩකයෙක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් උපරිම ක්රියාමාර්ග ගන්නා බවත් ක්රිකට් ආයතනය ඊයේ (16දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.