10 වැනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව අද (05දා) සමත් විය. ඒ තරගාවලියේ පළමු තරගය ලෙස සෞදි අරාබිය සමග පැවැති තරගයෙන් තරග වට 3-0ක විශිෂ්ට ජයක් ලබමිනි.
තරගයේ ආරම්භක වටය ලකුණු 25 - 14 ක් ලෙසින් පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එම ක්‍රීඩා රටාවම ඉදිරියට ගෙන යමින් ඔවුහු දෙවැනි හා තෙවැනි වටයන්ද පිළිවෙළින් ලකුණු 25 - 15 ක් හා 25 - 19 ක් ලෙස ජයග්‍රහණය කළහ.
තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ද්විත්වය හෙට (06) ඔස්ට්‍රේලියාව සමඟත්, එළඹෙන සඳුදා (08) කසකස්ථානයේ සමගත් පැවැත්වේ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු