www.ada.lk
2026 ඔක්තෝබර් මස 24 වන සෙනසුරාදා
ශ්රී ලංකා පාපන්දු සභාපතිගේ කණ්ඩායම හා ජර්මානු පාපන්දු ක්රීඩා සමාජයක් වන ප්රොමෙඩ්ලිනික් ක්රීඩා සමාජය අතර පැවැති මිත්රත්ව පාපන්දු තරගයෙන් ගෝල 5-0 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්රී ලංකා පාපන්දු සභාපතිගේ කණ්ඩායම සමත් විය.
පෙරේදා (28දා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති තරගයේදී ශ්රී ලංකාව වෙනුවෙන් කසුන් ජයසූරිය ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර ඊට අමතරව ඊ.බී. චන්න, ක්රිශාන්ත අබේසේකර හා එම්. ඉසදීන් එක් ගෝලය බැගින් රැස් කළහ.
සුහද පාපන්දු තරගය ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති මැක්ස්වෙල්ද සිල්වා මහතා හා ක්රීඩා අධ්යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්ර යන මහත්වරුන්ගේ සහයෝගීත්වයෙන් සංවිධානය කෙරිණි.
තරගය සඳහා ක්රීඩා අමාත්ය දයාසිරි ජයසේකර හා ශ්රී ලංකාවේ උප ජර්මානු තානාපති ආචාර්ය මයිකල් ඩෝමන් යන මහත්වරුද සහභාගි වී සිටියහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd