සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26දා) අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 72 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයද ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජයගැනීමට හැකිවිය.
මෙම වසරේ ආරම්භයේ සිට නවසීලන්තය, පාකිස්තානය හා ඉන්දියාව හමුවේ අඛණ්ඩ තරගාවලි ත්‍රිත්වයක් පරාජය වී සිටි ශ්‍රී ලංකාව ඉකුත් 2014 වසරේ අගෝස්තු මාසයේදී පාකිස්තානය පරාජය කිරීමේ පසු අත්කරගත් පළමු තරගාවලි ජය මෙය වේ.
අද (26දා) දිනය ආරම්භ කරන විට කඩුලු 09 ක් අතැතිව ජයග්‍රහණයට ලකුණු 224 ක් පසුපසින් සිටි කොදෙව් කණ්ඩායම ලකුණු 171 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. මෙම තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (25දා) දිනයේ බොහෝ දුරට විසඳුමක් ලැබීමට තිබුණද, එදින පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් කිසිදු පන්දුවාරයක් යැවීමට නොහැකි විය.
බිඳවැටුණු කොදෙව් ඉනිමේ යම් තරමකට හෝ ලකුණු අතරට පැමිණි ඩැරන් බ්රාවෝ ලකුණු 61 ක් රැස්කළේය. ඔහු හැරෙන්න වෙනස් කිසිදු පිතිකරුවෙකුට ශ්‍රී ලංකාව මෙරටදී පළමු වරට පරාජය කර ටෙස්ට් තරග ජයක් ලැබීමේ කොටස්කරුවෙකුවීමේ අවස්ථාව උදාකරගැනීමට නොහැකි විය. පසුගිය වසර කිහිපයේදීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ පසුපස සිටි සක්රිරීය පන්දු යවන්නා වූ රංගන හේරත් මෙම ඉනිමේද ක්‍රියාත්මක වෙමින් කඩුලු 04 ක් බිඳහෙළීමට සමත්විය. ඔහුට අමතරව මිලින්ද සිරිවර්ධන කඩුලු 03ක් බිඳහෙළමින් දායක විය.
පසුගිය බ්‍රහස්පතින්දා (22දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 200ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163 ක් පමණි. ඒ අනුව ලකුණු 37ක වාසියක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, එවර සියල්ලන් දැවී ලකුණු 206ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව කොදෙව්වන්ට ලකුණු 244ක ඉලක්කයක් හිමිවිය.
තරගයේ වීරයා ලෙස මිලින්ද සිරිවර්ධන සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස රංගන හේරත් සම්මාන දිනාගත්තේය.
මෙම තරගය දෙරට අතර පැවැති 17 වැනි ටෙස්ට් තරගය වූ අතර, ඉන් ශ්‍රී ලංකාව ලැබූ 08 වැනි ජය මෙය වේ. කොදෙව්වන් මෙහි තරග 03ක් ජයගෙන ඇති අතර, තරග 06ක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.
ඊට අමතරව කොදෙව් - ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ පැවැති 08 වැනි ටෙස්ට් තරගාවලිය මෙය වන අතර, ඉන් ශ්‍රී ලංකාව ලැබූ තෙවැනි තරගාවලි ජය මෙය වේ. කොදෙව්වෝ මෙහි තරගාවලි දෙකක් ජයගෙන ඇති අතර, තරග තුනක් ජයපරාජයෙන් තොරව අවසන්ව ඇත. කෙසේ නමුත් වසර 22ක (1993 - 2015) දෙරටෙහි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් මෙරටදී ටෙස්ට් තරගාවලියක් හෝ එකදු ටෙස්ට් තරගයක් හෝ කොදෙව්වන් හමුවේ පරාජය වී නොමැත.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 200/10 (පන්දුවාර 66)
මිලින්ද සිරිවර්ධන 68 (111, 4x6, 6x2), රංගන හේරත් (නොදැවී) 26 (40, 4x1, 6x1), දිනේෂ් චන්දිමාල් 25 (71), කුසල් ජනිත් 16 (26, 4x1), ජොමෙල් වොරිකන් 4/67 (20), ජෙරම් ටේලර් 2/50 (15), ජේසන් හෝල්ඩර් 2/22 (11)
බ.ඉ. කොදෙව් පළමු ඉනිම 163/10 (පන්දුවාර 64.2)
ක්‍රෙග් බ්‍රාත්වෙයිට් 47 (101, 4x3), ජේසන් හෝල්ඩර් 21 (37, 4x2, 6x1), කෙමර් රොච් නොදැවී 17 (30, 4x2), ධම්මික ප්‍රසාද් 4/34 (12), ඩිල්රුවන් පෙරේරා 3/28 (11.2), මිලින්ද සිරිවර්ධන 2/26 (10)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 206/10 (පන්දුවාර 75.3)
ඇන්ජලෝ මැතිව්ස් 46 (120, 4x3), මිලින්ද සිරිවර්ධන 42 (60, 4x3, 6x2), කුසල් මෙන්ඩිස් 39 (66, 4x7), කෞෂාල් සිල්වා 32 (105), ක්‍රෙග් බ්‍රාත්වෙයිට් 6/29 (11.3), ජොමෙල් වොරිකන් 2/62 (25), ජෙරොම් ටේලර් 2/26 (8)
බ.ඉ. කොදෙව් දෙවැනි ඉනිම 171/10 (පන්දුවාර 65.5)
ඩැරන් බ්රාවෝ 61 (60, 4x3, 6x2), ශායි හෝප් 35 (72, 4x5), ජොමෙල් වොරිකන් (නොදැවී) 20 (27, 4x3), කෙමර් රොච් 13 (35, 4x1), රංගන හේරත් 4/56 (19.5), මිලින්ද සිරිවර්ධන 3/25 (13), ඩිල්රුවන් පෙරේරා 1/37 (20), ධම්මික ප්‍රසාද් 1/38 (10)
ඡායාරූප ශාන්ත රත්නායක