ශ්රී ලංකාවේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ දෙවැනි තරගයත් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (16දා) සමත්වූයේය. ඒ මොරටුවේදී මැලේසියානු යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබමිනි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මැලේසියා කණ්ඩායම ලකුණු 104ට සීමා කිරිමට ශ්රී ලංකා යොවුන් කණ්ඩායම සමත්වූයේය. එහිසී කමිඳු මෙන්ඩිස් හා අශේන් බණ්ඩාර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්වූයේය. මැලේසියා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අයිනූල් හකීම් ලකුණු 41ක් රැස්කිරීමට සමත්වූයේය.
ලකුණු 105ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී පන්දුවාර 18කදී ලකුණු 108 රැස්කරමින් සිය ඉලක්කය සම්පූර්ණ කරගත්තේය.
විශ්ෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ ආරම්භක පිතිකරු නොදැවී ලකුණු 68ක් රැස්කළේ පන්දු 55කිනි.