ශ්රී ලංකාව ගෞරවය බේරාගනියි
ශ්රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද (12දා) චිතගොන්හි පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 02 ක තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව වත්මන් අංක එකේ කණ්ඩායම මෙන්ම, විස්සයි20 ලෝක අනුශූර ශ්රී ලංකා කණ්ඩායම පළමුවරට විස්සයි20 තරගයකදී පරාජය කිරීමට තිබූ අනගි අවස්ථාව ඔවුන්ට මගහැරී ගියේය. එම තරගය බංග්ලාදේශය ජය ගත්තා නම් එය ඔවුන් ශ්රී ලංකාව පරදා ලබන පළමු ජයග්රහණය වන්නට ඉඩතිබිණි.
තිසර පෙරේරා යොමුකළ අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට ජයග්රහණය සඳහා ලකුණු 17ක ඉලක්කයක් හිමි වූ අතර, එම පන්දුවාරයේදී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15 ක් පමණි. තරගයේ වීරයා ලෙස කුසල් ජනිත් සම්මාන ලැබීය.
මශ්රෆී මොර්ටාසාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 168/7 රැස්කිරීමට සමත්විය.
ශ්රී ලංකාව 168/7 (පන්දුවාර 20)
කුසල් ජනිත් පෙරේරා 64 (පන්දු 44, 4x7, 6x1)
නුවන් කුලසේකර 31 (පන්දු 21, 4x1, 6x2)
තිසර පෙරේරා 19* (පන්දු 44, 4x1)
බංග්ලාදේශය පන්දු යැවීම
අර්ෆට් සනී 17/2 (පන්දුවාර 3)
ශකීබ් අල් හසන් 27/2 (පන්දුවාර 4)
බංග්ලාදේශය 166/7 (පන්දුවාර 20)
අනාමුල් හක් 58 (පන්දු 45, 4x7)
තමීම් ඉක්බාල් 30 (පන්දු 25, 4x6)
ශ්රී ලංකාව පන්දු යැවීම
නුවන් කුලසේකර 29/2 (පන්දුවාර 4)
තිසර පෙරේරා 42/2 (පන්දුවාර 4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

