ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19ක ජයක් හිමිකර ගනිමිනි.
පල්ලෙකැලේ පිටියේදී ඊයේ (07දා) නිමා වූ තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේය.
තරගයට වර්ශාවෙන් බාධා ඇති වූ හෙයින් පන්දුවාර 36කට තරගය සීමා වූ අතර කොදෙව් කණ්ඩායම එම පන්දුවාර සංඛ්‍යාව අවසානයේදී කඩුලු 9ට ලකුණු 206ක් රැස්කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමි වූ අතර පන්දුවාර 32.3ක් අවසානයේදී නැවතත් වර්ශාව පතිතවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 180ක් රැස්කර ගෙන සිටියේය.
ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 160ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිවිය. තරගයේ වීරයා ලෙස මාලන් සැමුවෙල්ස් සම්මාන හිමිකරගත් අතර තරගාවලියේ වීරයා ලෙස කුසල් පෙරේරා සම්මාන හිමිකර ගත්තේය.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd