ශ්‍රී ලංකාව එක්දින පියවරක් පහළට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (21දා) නිතුත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි ස්ථානය දක්වා පහළට බැස ඇත. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අවසන් වරට පැවැති දකුණු අප්‍රිකා - සිම්බාබ්වේ තරගාවලියෙන් පසු මෙම ශ්‍රේණගත කිරීම් ගණනය කර ඇත. මීට පෙර වර්ගීකරණයේ ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ පසු වූ අතර, අවසන් වරට පැවැති දකුණු අප්‍රිකානු තරගාවලිය පරාජය වීම හේතුවෙන් මෙලෙස පියවරක් පහත බැසීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව සම ප්‍රසාද ලකුණු ලබාගෙන සිටියත්, දකුණු අප්‍රිකාව ක්‍රීඩාකර ඇති තරග සංඛ්‍යාව අඩු බැවින් ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියි. සුපුරුදු පරිදි ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහි ඉදිරියෙන් සිටින අතර, දෙවැනි හා තෙවැනි ස්ථානවල පිළිවෙළින් ඉන්දීය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් පසුවෙයි.
එක්දින කණ්ඩායම් දහය
1.ඔස්ට්‍රේලියාව (115), 2. ඉන්දියාව (112), 3. දකුණු අප්‍රිකාව (111), 4. ශ්‍රී ලංකාව (111), 5. එංගලන්තය (109), 6. පාකිස්තානය (100), 7. නවසීලන්තය (98), 8. බ.ඉ. කොදෙව් (94), 9. බංග්ලාදේශය (71), 10. සිම්බාබ්වේ (56)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
