සත්කාරක එක්සත් ආරබි එමීර් රාජ්ය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කර 19 පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ මූලික වටයේ මුහුණදුන් අවසන් තරගයෙන්ද විශිෂ්ට ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගය අද (18දා) සාජාහිදී පැවැත්විණි.
ලකුණු 206ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා ක්රීඩකයෝ පන්දුවාර 43.1ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසුකරයාමට සමත්වූහ. විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ ආරම්භක පිතකරු හෂාන් දුමිඳු ශතකයක් රැස් කිරීමට සමත් විය. එම ජයග්රහණයත් සමග ශ්රී ලංකා කණ්ඩායම අපරාජිත අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
එ.අ.එමීර් රාජ්ය 205/10 (පන්දුවාර 47.5)
ශ්රී ලංකාව 206/2 (පන්දුවාර43.1)