ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නිමා කරන වට කඩුලු 6ක් දැවී ලකුණු 443ක් රැස්කරගෙන සිටියි.
අද දිනයේ ශ්රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකණු 194ට දැවී ගිය අතර ඉන් අනතුරුව වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 75ට දැවී ගියේය. ඩිල්රුවන් පෙරේරා හා රංගන හේරත් නොදැවී පිටියේ රැඳී සිටිති.