ඉන්දියාවට එරෙහි තරගාවලිය 2-1 ක් ලෙස පරාජයවීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (14දා) එළිදැක්වූ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම 05 වැනි ස්ථානය දක්වා පහළට වැටී ඇත.
ඉන්දියාවට එරෙහි විස්සයි20 තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව ශ්‍රේණිගතකිරීම්වල තෙවැනි ස්ථානයේ පසුවූ අතර, එහි පළමු තරගය ජයගැනීමත් සමග ශ්‍රී ලංකාවට නැවතත් එහි පෙරමුණ ගැනීමට හැකිවිය. කෙසේ නමුත් දක්ෂතා රඳවාගැනීමට නොහැකිවූ ශ්‍රී ලංකාව දෙවැනි තරගය පරාජයවී ශ්‍රේණිගතකිරීම්හි නැවතත් තෙවැනි ස්ථානය දක්වාද, තෙවැනි තරගය පරාජයවී පස්වැනි ස්ථානය දක්වාද පහළට වැටුණි. මෑත කාලය තුළ විස්සයි20 තරග බිමේ ශ්‍රී ලංකාව ශ්‍රේණිගතකිරීම් තුළ මෙතරම් පහළට වැටුණු අවම අගය මෙය වේ.
නව ශ්‍රේණිගතකිරීම් අනුව නැවතත් ඉන්දීය කණ්ඩායම පෙරමුණ තහවුරු කරගෙන සිටින අතර, දෙවැනි ස්ථානයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ද, තෙවැනි හා සිවුවැනි ස්ථානවල පිළිවෙළින් එංගලනත්ය හා නවසීලන්තය පසුවෙයි.