බංග්ලාදේශයේ පැවැත්වෙන වයස 19 පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (07දා) සමත්විය.
ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 06 කින් පරාජය කර ශ්‍රී ලංකාව මෙම වටයට සුදුසුකම් ලබාගත්හ.
එංගලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 185ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු 04 ක් පමණක් දැවී තරගයේ 35.4 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකරයාමට සමත්විය. ජයග්‍රහණය පහසුකළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 96 කදී ලකුණු 95 ක් රැස්කළේය.
ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 49.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 184 ක් පමණි. ඉනිම ඔසවා තැබූ කැලුම් ටේලර් පන්දු 57කදී ලකුණු 42 ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී ඉන්දියාව සමගින් තරග වැදීමට නියමිතය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව