සංජීව ධර්මසේන බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේ සිට
ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (28දා) පැවති පස්වැනි තරගයෙන් ලකුණු 23 ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
දෙරට අතර පැවති 05 වැනි විස්සයි20 තරගය මෙය වන අතර, මීට කිසිඳු අවස්ථාවක බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකාව අභිබවායාමට හැකිවී නැත. බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ චන්දික හතුරුසිංහ මහතා කටයුතු කරන අතර, ඔහුගේ මඟපෙන්වීම යටතේ බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තානය (එක්දින/විස්සයි20), දකුණු අප්‍රිකාව හා ඉන්දියාව (එක්දින) පරාජය කර ශූරතා දිනා ඇත.
මෙම ජයග්‍රහණයත් සමග බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර, මෙතෙක් එස්සත් අරාබි එමීර් කණ්ඩායම පමණක් පරාජය කර සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ස්ථානයේ සිට තෙවැනි ස්තානය දක්වා පහළට යාමට සිදුවිය.
ලකුණු 148 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 147 ක් රැස්කිරීමට සමත්විය.
බංග්ලාදේශය 147/7 (පන්දුවාර 20)
මොහොමඩ් මිතුන් 0 (2), සෞම්‍ය සර්කාර් 0 (3), සබීර් රෙහමාන් 80 (54, 4x10, 6x3), මුෂ්ෆිකර් රහීම් 4 (9), ශකීබ් අල් හසන් 32 (34, 4x3), මහමදුල්ලා නොදැවී 23 (12, 4x2, 6x1), නුරුල් හසන් 2 (5), මෂ්රාෆි මොර්ටාසා 2 (2)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 1/8 (3), නුවන් කුලසේකර 1/44 (4), දුෂ්මන්ත චමීර 3/30 (4),
කඩුලු වැටීම
1-0(මිතුන්, පන්දුවාර / 0.2), 2-2 (සර්කාර් /1.3), 3-26 (රහීම්/ 4.5), 4-108 (රෙහමාන්/ 15.6), 5-123 (ශකීබ් / 17.2), 6-140 (නුරුල්/19.2), 7-147 (මෂ්රාෆි/ 19.6)
ශ්‍රී ලංකාව 124/8 (පන්දුවාර 20)
දිනේෂ් චන්දිමාල් 37 (37, 4x4), තිලකරත්න ඩිල්ෂාන් 12 (9, 4x2), ශෙහාන් ජයසූරිය 26 (21, 4x1, 6x2), ඇන්ජලෝ මැතිව්ස් 12 (20), තිසර පෙරේරා 04 (6), මිලින්ද සිරිවර්ධන 03 (4), දසුන් ශානක 14 (14, 6x1), චාමර කපුගෙදර නොදැවී 12 (7, 6x1), නුවන් කුලසේකර 0 (1), දුෂ්මන්ත චමීර නොදැවී 1 (1)
බංග්ලාදේශය පන්දු යැවීම
අල් අමින් හුසේන් 3/34 (4), ශකීබ් අල් හසන් 2/21 (4), මුස්තාෆිසුර් රෙහමාන් 1/19 (4), මෂ්රාෆි මොර්ටාසා 1/17 (3), මහමදුල්ලා 1/14 (2)
කඩුලු වැටීම
1-20 (ඩිල්ෂාන්/ පන්දුවාර 3.1), 2-76 (චන්දිමාල්/ 10.6), 3-78 (ශෙහාන්/ 11.2), 4-85 (තිසර/13.2), 5-92 (මිලින්ද/ 14.6), 6-102 (මැතිව්ස්/ 17.1), 7-116 (ශානක/ 19.1), 8-117 (කුලසේකර/ 19.3)
ශ්‍රී ලංකාව පළමුව පන්දු රකියි
කාසියයේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෂ්රාෆි මොරටාසා පළමුව පන්දුවට පහරදීම තීරණය කළේය.
බංග්ලාදේශ කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග වෙනුවට තිසර පෙරේරා කැඳවා ඇත.
මාලිංග අද තරගයට නැහැ
අද තරගයට ලසිත් මාලිංග ක්‍රීඩා නොකරන අතර, කාසියේ වාසිය උරගා බැලීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් පැමිණ සිටියි. මැතිව්ස් ආසියානු හා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක වශයෙන් නම්කර සිටියි.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ සටනට සියල්ල සූදානම්
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00 ට ආරම්භවීමට නියමිතව ඇත. සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට සහයෝගය දැක්වීම සඳහා මේ වනවිට ක්‍රීඩා ලෝලීන් විශාල සංඛ්‍යාවක් දොරටු අසල රැදී සිටින අයුරු දැකගැනීමට ලැබේ.
විවේක ගැන්වීම සඳහා අද තරගයේදී බොහෝ දුරට ලසිත් මාලිංග ක්‍රීඩා නොකරනු ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් මේ වනවිට මාලිංග ක්‍රීඩාංගණයට පැමිණ තණතිල්ල නිරීක්ෂණය කරමින් සිටියි.