එක්දින හා විස්සයි20 දක්ෂතම ක්‍රීඩකයන්ට මෝටර් රථ
ශූරතාව ජයගන්නා ක්‍රීඩා සමාජයට වෑන් රථයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උලෙළ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14දා) රාත්‍රියේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රමුඛපෙළ ක්‍රිකට් තරගාවලියේ එක්දින හා විස්සයි20 තරගාවලි නව මුහුණුවරකින් හා වඩාත් වෘත්තීයමය ආකාරයට පැවැත්වීමට ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇති අතර, ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් වඩාත් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමටද පියවර ගෙන තිබේ.
මෙවර ප්‍රමුඛපෙළ ක්‍රිකට් තරගාවලියේ එක්දින හා විස්සයි20 තරගාවලිහි දක්ෂතම ක්‍රීඩකයන්ට ත්‍යාග වශයෙන් රෙනෝල්ට් කේවිඩ් මෝටර් රථ හා ශූරතාව දිනාගන්නා ක්‍රීඩා සමාජයට නිසාන් වෑන් රථයක් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇති අතර, සමාරම්භක උලෙළේදී එම වාහන ක්‍රීඩකයන් වෙත නිරාවරණය කිරීමද සිදුවිය.
මෙවර තරගාවලිය සඳහා පළමුව ක්‍රීඩා සමාජ 24ක් යෝජනා වී තිබූ අතර, මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණයක් හේතුවෙන් ඔවුන් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ඒ අනුව තරගාවලිය සඳහා කාණ්ඩ 04ක් යටතේ ක්‍රීඩා සමාජ 23ක් තරග වැදීමට නියමිතය.
තරගාවලියේ සමස්ත තරග 64ක් සඳහා ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් 460කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට අපේක්ෂිතය. තරගාවලිය ආරම්භ කරමින් අනිද්දා (18දා) පානදුර හා සැරසන්ස් ක්‍රීඩා සමාජ පානදුර ක්‍රීඩාංගණයේදීද, ලන්කන් හා වරාය අධිකාරී ක්‍රීඩා සමාජ මුවර්ස් ක්‍රීඩාංගණයේදීද, ගාල්ල හා කළුතර ෆිසිකල් කල්මරල් ක්‍රීඩා සමාජ ගාල්ල ක්‍රීඩාංගණයේදීද, ගුවන් හමුදාව හා බදුරලිය ක්‍රීඩා සමාජ සරේ ක්‍රීඩාංගණයේදීද, නාවික හමුදාව හා බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ වැලිසර ක්‍රීඩාංගණයේදීද තරග වැදීමට නියමිතය.
තරගාවලිය මේ මස 18 වැනිදා සිට මාර්තු මස 12 වැනිදා පැවැත්වෙන අතර, මූලික වටයේ තරග මාර්තු මස 03 වැනිදායින් අවසන් වේ. මෙහි අවසන් පූර්ව තරග මාර්තු මස 08 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු මස 12 වැනිදාය.
මෙම ක්‍රිකට් තරගාවලිය නව මුහුණුවරකින් ආරම්භවීම සම්බන්ධයෙන් සමාරම්භක උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ, සෑම ක්‍රීඩකයෙකුටම සම අවස්ථා ලබාදීම ක්‍රිකට් ආයතනයේ වගකීම බවයි. එමෙන්ම මෙමගින් වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයක් විවිධ තරග රටාවලට තෝරාගත හැකි බවත් ක්‍රීඩකයන් වෘත්තීය මට්ටමට රැගෙන යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“අපිට ප්‍රමුඛපෙළ තරගාවලිය මගින් දේශීය ක්‍රිකට් ඉහළ තලයකට රැගෙන යාහැකි වගේම, ජාතික කණ්ඩායමට තාක්ෂණයෙන් ඉහළ ක්‍රීඩකයන් බිහිකර ගත හැකියි. ඒ වගේම තවත් මාසයකින් පමණ අපි ක්‍රීඩක දක්ෂතා කළමනාකරණ මධ්‍යස්ථානය (Brain Center) ක්‍රීඩකයන් වෙනුවෙන් විවෘත කරනවා. එහිදී ඕනැම රටකට ක්රීඩකයෙනකුගේ හා අපේ ක්‍රීඩකයන්ගේ දත්ත වගේම සියලු විස්තර අපේ ක්‍රීඩකයන්ටත් සජීවී රූපරාමු මගින් නිරීක්ෂණය කරගත හැකි වේවි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට මහඟු ආයෝජනයක් වේවි'' යැයි සභාපතිවරයා පවසා සිටියේය.
ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උලෙළ විචිත්‍රවත් අංග රැසකින් වර්ණවත් වූ අතර, කාන්තා ක්‍රිකට් දියුණු කිරීමේ අභිප්‍රායෙන් ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම සංකේතවත් කරමින් භාණ්ඩ ප්රදානයක්ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට දේශීය ක්‍රිකට් ප්‍රධානී හා ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති කේ. මතිවානන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ව්‍යාපෘති අධ්යක්ෂ සුජීව ගොඩලියද්ද, ප්‍රමුඛපෙළ ක්‍රිකට් තරගාවලියේ තරගාවලි කමිටු සභාපති බන්දුල දසනායක ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ප්රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය 2016/17
ක්‍රීඩා සමාජය
|
නායකයා
|
එස්.සී.සී.
|
දිමුත් කරුණාරත්න
|
සැරසන්ස්
|
හර්ෂ කුරේ
|
වරාය අධිකාරී
|
චමින්ද බණ්ඩාර
|
මුවර්ස්
|
කෝසල කුලසේකර
|
පානදුර
|
චාමර සිල්වා
|
ලංකන්
|
රජීව් වීරසිංහ
|
කෝල්ට්ස්
|
ඩිල්රුවන් පෙරේරා
|
යුද හමුදා
|
ජනිත් සිල්වා
|
ගාල්ල
|
සජීව වීරකෝන්
|
හලාවත මේරියන්ස්
|
මහේල උඩවත්ත
|
කුරුණෑගල තරුණ
|
අනුරාධ රාජපක්ෂ
|
කළුතර පී.සී
|
මනෝජ් දේශප්‍රිය
|
එන්.සී.සී.
|
ෆර්වීස් මහරුෆ්
|
බදුරලිය
|
අලංකාර අසංක
|
කොළඹ
|
අශාන් ප්‍රියන්ජන්
|
බී.ආර්.සී.
|
හර්ෂ විතාන
|
ගුවන් හමුදා
|
රංග දසනායක
|
පොලිස්
|
මහේෂ් ප්‍රියදර්ශන
|
බූම්ෆීල්ඩ්
|
නිපුණ කරුණානායක
|
ද්‍රවිඩ සංගම්
|
කිත්රුවන් විතානගේ
|
රාගම
|
ළහිරු තිරිමාන්න
|
නාවික හමුදා
|
සමීර සඳමාල්
|
කළුතර නාගරික
|
සුලාන් ජයවර්ධන
|
ඒ' කාණ්ඩය
|
'ඒ' කාණ්ඩය
|
'බී' කාණ්ඩය
|
'බී' කාණ්ඩය
|
එස්.එස්.සී.
|
කෝල්ට්ස්
|
එන්.සී.සී.
|
බූම්ෆීල්ඩ්
|
සැරසන්ස්
|
යුද හමුදා
|
බදුරලිය
|
ද්‍රවිඩ සංගම්
|
වරාය අධිකාරී
|
ගාල්ල
|
කොළඹ
|
රාගම
|
මුවර්ස්
|
හලාවත මේරියන්ස්
|
බී.ආර්.සී.
|
නාවික හමුදා ක්‍රීඩා
|
පානදුර
|
කුරුණෑගල වයි.සී.සී.
|
ගුවන් හමුදා
|
කළුතර නාගරික
|
ලංකන්
|
කළුතර පී.සී.සී.
|
පොලිස් ක්‍රීඩා සමාජය
|
|
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ