ටෙස්ට් තරගයේ කාසිය එළි දැක්වේ
ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව් කණ්ඩායම් අතර හෙට (22දා) පී.සරා ඕවල් පිටියේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය උරගා බැලීම සඳහා භාවිතා කරන කාසිය හා ශූරතාව සඳහා පිරිනැමෙන කුසලානය අද (21දා) එළිදැක්වීය.
රන් ආලේපිත මෙම කාසිය එළිදක්වනු ලැබුවේ හිටපු බ.ඉ. කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගාෆීල්ඩ් සෝබර්ස් අද කොළඹදී සහභාගි වූ මාධ්‍ය හමුවේදීය. හෙතෙම හෙට (22දා) ආරම්භ වන තරගය නැරඹීම සඳහා පෙරේදා (19දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම කාසියේ එක් පැත්තක ගාෆීල්ඩ් සෝබර්ස්ගේත් අනෙක් පැත්තේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක මයිකල් තිසේරාගේත් මුහුණු සිතුවම් කොට ඇත.
මෙම කාසිය මෙම දෙරටින් බිහිවූ මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ගෞරවයක් පිණිස නිර්මාණය කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ප්‍රධානී සිදත් වෙත්තමුණි මහතා මාධ්‍ය වෙත පැවසීය.
දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන කුසලානයද නම් කොට ඇත්තේ සෝබර්- තිසේරා කුසලානය ලෙසිනි.
ඡායා - ක්‍රිශාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

