සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළ තම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතකරුවා වන කුමාර් සංගක්කාරට තරගාවලි ජයග්‍රහණයකින් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට අවස්ථාව ලබාදීමට ඇන්ජලෝ මැතිව්ස් ප්රමුඛ තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම් කළද, ඉන්දීය කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් හමුවේ එම සැලසුම අවසන්විය. ලකුණු 413ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 134කට සීමා කිරීමට අශ්වින් ප්රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ අද (24දා) සමත්වූහ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 278ක ජයක් හිමි වූ අතර, තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමකරගැනීමටද ඔවුන්ට හැකිවිය.
සිවුවැනි දිනයට ඊයේ (23දා) තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 72ක් රැස්කරගෙන සිටි අතර,ඊයේ (24දා)දිනයේ දිවා ආහාරය නිමවීමෙන් පසු තරගය ආරම්භ කර මඳවේලාවකින් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස චමීර දවාගනිමින් ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේය.
දිවා ආහාරය සඳහා තරගය නිමා කිරීම සඳහා විනාඩි 10ක් තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුවත්, එය ශ්‍රී ලංකා කණ්ඩායමට ආශීර්වාදයක් නොවීය.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකළ අවසන් තරගය වූ අතර, ඒ හේතුවෙන් ඔහුට උපහාර දැක්වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය අර්ජුණ රණතුංග, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, සංගාගේ දෙමාපියන්, යෙහාලි සංගක්කාර (බිරිඳ) ඇතුළු සංගාගේ පවුලේ උදවිය මෙන්ම ඔහුගේ හිතමිතුරෝද ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
පසුගිය 20 වැනිදා ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළේය. ඒ අනුව ඔවුහු පළමු ඉනිමට ලකුණු 393ක් රැස්කළහ.
ඉන්දීය කණඩායමේ පළමු ඉනිමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමට රැස්කළ හැකිවූයේ ලකුණු 306ක් පමණි. ඒ අනුව ලකුණු 87ක් ඉදිරියෙන් සිටිමින් ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර,ඔවුහු සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 08කට ලකුණු 325ක් රැස්කරමින් ඉනිම අත්හිටුවූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 413ක ඉලක්කයක් හිමිවූ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 134ක් පමණි. තරගයේ වීරයා ලෙස කරන් රාහුල් සම්මාන ලැබීය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සිංහල සමාජ ක්‍රීඩා පිටියේදී 28 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ඉන්දියාව පළමු ඉනිම393/10 (පන්දුවාර114)
ලෝකේෂ් රාහුල් 108 (190, 4x13, 6x1),රෝහිත් ශර්මා 79 (132, 4x5, 6x3), විරාට් කෝලි 78 (107, 4x8, 6x1),රිද්දිමන් සහා 56 (117, 4x6), රංගන හේරත් 4/81 (25), ධම්මික ප්‍රසාද් 2/84 (24), ඇන්ජලෝ මැතිව්ස් 2/24 (15), දුෂ්මන්ත චමීර 2/72 (20)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 306/10 (පන්දුවාර 108)
ඇන්ජලෝ මැතිව්ස් 102 (167, 4x12), ළහිරු තිරිමාන්න 62 (168, 4x5), කෞෂාල් සිල්වා 51 (118, 4x8), කුමාර් සංගක්කාර 32 (87, 4x4), අමිත් මිශ්රා 4/43 (21), ඉශාන්ට් ශර්මා 2/68 (21), රවිචන්ද්‍රන් අශ්වින් 2/76 (29)
ඉන්දියාව දෙවැනි ඉනිම 325/8 (පන්දුවාර 91)
අජින්කේ රහානේ 126 (243, 4x10), මුරලි විජේ 82 (133, 4x4, 6x2), රෝහිත් ශර්මා 34 (55, 4x2), , ධම්මික ප්‍රසාද් 4/43 (15), තරිඳු කෞෂාල් 4/118 (31)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 134/10 (පන්දුවාර 43.4)
දිමුත් කරුණාරත්න 46(103, 4x6), ඇන්ජලෝ මැතිව්ස් 23 (39, 4x3), කුමාර් සංගක්කාර 18 (18, 4x3) , රවිචන්ද්‍රන් අශ්වින් 5/42 (16), අමිත් මිශ්රා 3/29 (9.4)
ඡායාරූප ශාන්ත රත්නායක