මේි වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන 195 මූල්‍ය අතිරික්තයක් පවතින බවත්, රාජ්‍ය බැංකුවකින් අයැදුම්කළ බැංකු අයිරාව ගෙවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටුවේ භාණ්ඩාගාරික එල්. විජේගුණවර්ධන මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනව්‍ය වියදම් කපා හැරීමෙන් මෙම මුදල් ඉතිරිකර ගත හැකිවූ බවද භාණ්ඩාගාරිකවරයා සඳහන් කළේය.
ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ මසක ප්‍රගතිය මාධ්‍ය වෙත පැවැසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුම්ගත ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව ක්‍රීඩකයන් සංඛ්‍යාව 104 සිට 41 දක්වා අඩුකළ බවත්, එම ගිවිසුම් ගත ක්‍රීඩයන් අතරන් ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයන් 17 දෙනා වෙනුවෙන් කරන ගෙවීම රුපියල් මිලියන 96 සිට රුපියල් මිලියන 130 දක්වා වර්ධනය කළ බවත් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා මෙහිදී අණාවරණය කළේය. එසේම පළමු පෙළ ක්‍රීඩකයන්ට කරන ගෙවීම දිනකට රුපයිල් 2500 සිට 7500 දක්වා 300%කින් වර්ධනය කළ බවත් ඔහු කීවේය.
සිදත් වෙත්තමුණි මහතා
විජේවර්ධන මහතා
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි