ශ්රී ලංකා ක්රිකට් වෙනස්කම් රැසක්
ශ්රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ශ්රී ලංකා හිටපු පළමු පෙළ ක්රිකට් ක්රීඩකයෙක් වෙන ජෙරී ෆෙඩ්රික් නම් කර තිබේ. ඔහු මැය මස 1දා සිට සිය ධුයේ වැඩබාරගැනීමට නියමිතය.
ඔහුගේ පත්වීම පාකිස්තාන හා ඉන්දීය කණ්ඩායම්හි ශ්රී ලංකා සංචාරයන්ට පමණක් අදාළ වෙයි. මේ අතර ශ්රී ලංකා කාන්තා ක්රිකට් තේරිම් කමුටුව්රී මෙන්ම එහි කළමණාකාරිත්වයද වෙනස් කිරිමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කොට තිබේ.
නව කාන්තා ක්රිකට් තේරම් කමිටු සභාපති ලෙස ජොනතන් ජෝන් නම්කොට තිබෙන අතර වරුණ වරාගෙඩ හා උවයිස් කරනායින් එහි සාමාජිකයෝ වෙති. කාන්තා ක්රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස වැනීසාද සිල්වා මහත්මිය පත්කොට තිබේ. මෙම පත්කිරිම් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම හා කොදෙව් කාන්තා ක්රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගාවලිය දක්වා බලාත්මක බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදන කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                