ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. අප්‍රේල් 30 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී 2015 - 2017 කාලසීමාව දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය තේරීපත්වනු ඇත.
ක්‍රීඩා පනත අනුව සියලුම ක්‍රීඩා සංගම්හි නිලවරණ මාර්තු මස 31 වැනිදාට පවත්වා අවසන් කළ යුතු වුවද, මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පසුවට කල්දැමීමට සිදුවනු ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා මීට ඉහතදී සඳහන් කළේය.
ක්‍රිකට් ආයතනය ඊයේ (18දා) නිවේදනක් නිකුත් කරමින් සඳහන් කළේ, විධායක කමිටුවේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය තෝරාගැනීම සඳහා වන නිලවරණය අප්‍රේල් 30 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා අනුමැතිය ලබාදී තිබෙන බවයි.