ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් රතු එළියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට තමන් එකඟ නොවන අතර, ප්රජාතන්ත්රවාදී ලෙස පාලක මණ්ඩලයක් පත්කරගන්නා ලෙසත්, පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය එළඹෙන ජූලි 01 වැනිදාට ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන ලෙසත් එහි සභාපති ෂශාන්ක් මනෝහර් මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී කමල් පද්මසිරි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන්ට දැනුම් දී ඇතැයි ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරයි.
මෙම හමුව ඊයේ (06දා) ඩුබායි හි ජගත් ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ ජගත් ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා දැනුවත් කිරීමට සහ අනාගත සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව සංවිධානය කොට තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


