ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන්ට අහිමිකළ බෝනස් යළි ලබාදීමට නියෝගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය එහි සේවය කරන සේවකයන්ගේ අවුරුදු බෝනස් මුදල් කපාහැර ලාභ පෙන්වීමට කටයුතු කරනවා යැයි ඊයේ (04දා) 'අද' පුවත්පතේ 'ලාබයි කියූ ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන්ගේ අවුරුදු බෝනස් කපා හරියි' මැයෙන් පළවූ ලිපියට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් සේවකයන්ට හිමි බෝනස් මුදල් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලූ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු 'අද' පුවත්පතට පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, පසුගිය වර්ෂයේදීද සේවකයන්ට අවුරුදු බෝනස් මුදල් ලබා නොදුන් බවයි. ක්‍රිකට් ආයතනයේ ණය පියවා ගැනීමට නොහැකිව තිබූ නිසා එම තීරණය ගත්තද, මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ලාභ ලබා ඇති හෙයින් මෙවර කෙසේ හෝ සේවකයන්ගේ අවුරුදු බෝනස් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.
'අද' පුවත පළවීමත් සමග වත්මන් පරිපාලනය සේවකයන්ට වාචිකව දන්වා ඇත්තේ, සුපුරුදු පරිදි ලබාදුන් අවුරුදු බෝනස් මුදල් ඒ ආකාරයටම ලබාදීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් අවුරුදු බෝනස් මුදල් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් ස්ථිර තීරණයක් හෝ ලිඛිත තීරණයක් සේවකයන් වෙත තවමත් ලබාදී නොමැති අතර, දීර්ඝ වශයෙන් මෙය ක්‍රිකට් විධායක කමිටුවේදී සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.
එහෙත් කෙසේ හෝ අවුරුදු බෝනස් මුදල් සියලු සේවකයන්ට ලබාදීමට කටයුතු කරන බව එම නම සඳහන් කිරීමට අකමැති වූ ඉහළ නිලධාරියා තහවුරු කළේය.
මේ අතර 'අද' පුවත්පත ඊයේ (04දා) ඉහත ලිපි ශීර්ෂය යටතේ අනුශීර්ෂ පාඨයක් ලෙස පළකළ 'බංග්ලාදේශයට එරෙහි විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්යමණ්ඩල ප්‍රවේශපත්‍ර අහිමිකරයි යන කරුණට අවධානය යොමුකළ ක්‍රිකට් බලධාරීන් ඊයේ (04දා) උදෑසන 9.00ට සියලුම ක්‍රිකට් සේවකයන්ට හිමි නිදහස් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී නරඹන්නන් සඳහා මුද්‍රණය කළ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීම නිවැරදි කිරීමට ක්‍රිකට් ආයතනය අපොහොසත්ව තිබේ. මින් මෙවැනි තරගාවලි සඳහා පැමිණෙන ප්‍රේක්ෂක සංඛ්‍යාව සීමිත වන අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බරපතළ අවාසියක් ලෙස සැලකිය හැකිය. එනිසා මෙරට ප්‍රේක්ෂකයන්ගේ මනදොළ සපුරාලීමට වත්මන් බලධාරීන් කටයුතු කරනු විනා, වෙනත් පාර්ශ්වයන් සතුටු කිරීමට කටයුතු කරන්නේ නම්, ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අත්වන කිසිදු සුගතියක් නොමැති බව මතක් කර දීමට කැමැත්තෙමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

