ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයින් සහ සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අතර හමුවක් අද (12දා) පස්වරුවේදි පැවැති අතර ඒහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය 2016 වසරේ ජනවාරි මසදී පවත්වන බව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ හිටපු සාමාජිකයින් වෙත පවසා තිබේ.
සාකච්ඡාව සුහදශීලී ලෙස පැවැත්වුණු බවත්, දෙපාර්ශ්වය පොදු එකඟතාවයකට පත් වූ බවත් ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයකින් පවසයි.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා පූර්ණ සහයෝගය ඇමතිවරයාට දැක්වීමටත් හිටපු සාමාජිකයින් එකඟවි තිබේ.
වංචා හා දූෂණ පැමිණිලි පිළිබඳ සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
මේ සාකච්ඡාව සඳහා අමාත්‍යාංශය වෙනුවෙන් මෙ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කටු ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් යන මහත්වරුද, හිටපු ක්‍රිකට් පරිපාලන නිලධාරීන් වශයෙන් උපාලි ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන් ද සිල්වා, අසංග සෙනෙවිරත්න, අජිත පැස්කුවල් සහ හිරන්ත පෙරේරා යන මහත්වරුන්ද සහභාගී වුහ.