ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නුදුරේදීම පාකිස්තාන සංචාරයක් සඳහා එක්වෙනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාකිස්තාන ජනපති මම්නූන් හුසේන් මහතාට පවසා තිබෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන සංචාරයක් සඳහා ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාකිස්තාන ජනපති අතර ඊයේ (06දා) පැවැති සාකච්ඡාවලදී මේ බව මෛත්‍රීපාල සිරිසෙන මහතා විසින් පාකිස්තාන ජනපතිවරයාට පවසා තිබෙන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝරයේදී එල්ල වූ ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ තරග සංචාර සඳහා එක්වීමට ජාත්‍යන්තර රටවල් කැමැත්තක් නොදැක්වීය. එම වසරේ පටන් ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ දක්වා පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා එක්වී නැත.
ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරය කරන්නේ නම් ඒ සඳහා උපරිම ආරක්ෂාව ලබා දීමට පාකිස්තාන ජනපතිවරයා සහතික වී තිබේ. එසේම ලාහෝරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරය පිළිබඳව කනගාටුවන බවත් පාකිස්තාන ජනපතිවරයා ශ්‍රී ලංකා ජනපතිවරයා පවසා තිබේ.
දෙරට අතර පවතින සබඳතාව ක්‍රිකට් ක්‍රීඩාව හරහා වැඩිදියුණු කර ගත යුතු බවද පාකිස්තාන ජනපතිවරයා පවසා තිබේ.