ආසියානු කුසලාන T20 කාන්තා කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග අද (06දා) පැවැති තරගයකින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 23ක පරාජයක් අත්විඳීමට සිදුවිය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තාන ක්‍රීඩිකාවන්ට ලබාදුන් අතර එහිදී පාකිස්තාන ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 136ක් රැස් කිරීමට සමත් විය.
එම ඉල්ක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 113ක් පමණි. ඒ අනුව ලකුණු 23ක ජයක් ලැබීමට පාකිස්තාන ක්‍රීඩිකාවන් සමත් විය.
පාකිස්තානය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ බිස්මා මහරූෆ් පන්දු 41කදී ලකුණු 60 රැස් කරගත් අතර එය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවද විය. පන්දු යැවීමෙන් නඩීර් ඩාර් පන්දුවාර 04 තුළදී කඩුලු 05ක් දවා ගෙන තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තාය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී සුග්නධිකා කුමාරී පන්දුවාර 04 තුළදී කඩුලු 02ක් දවා ගත් අතර පන්දුවට පහර දීමේදී යශෝදා මෙන්ඩිස් (25) හා නිපුනි හංසිකා (24) පමණක් ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වූ අතර අනෙකුත් ක්‍රීඩිකාවන් අසාර්ථක විය.