ශ්රී ලංකා ක්රීඩකයන් 18ක් IPL වෙන්දේසියට - චන්දිමාල් නෑ
ජනවාරි 27 හා 28 දා ඉන්දියාවේ බැංගලෝරයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්රිමියර් ලීග ක්රීඩක වෙන්දේසියට ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් 18ක් එක්වීමට නියමිතය. මෙහිදී ක්රීඩකයන් කිහපදෙනෙකුම පළමුවරට එම වෙන්දේසියට ඉදිරිපත් වෙයි. අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා ඒ අතර වෙති.
මෙවර වෙන්දේසිය සඳහා ලොව පුරා ක්රිකට් ක්රීඩකයන් 578ක් ඉදිරිපත්ව සිටියි. සුපුරුදු පරිදි ශ්රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් මෙවරත් වෙන්දේසියට ඉදිරිපත් නොවෙයි.
මුම්බායි ඉන්දියනස් කණ්ඩායම මෙවර ලසිත් මාලිංග කණ්ඩායමේ රඳවා නොගත් හෙයින් ඔහුද වෙන්දේසියට ඉදිරිපත්ව සිටියි. මෙහිදී ශ්රී ලංකා ක්රිඩකයන් අතරින් වැඩිම මූලික මිල ඇන්ජලෝ මැතිව්ස්ට වෙන්ව ඇත ඒ ඉන්දීය රුපියල් කෝටි 2කි. ලසිත් මාලිංගගේ අගය ඉන්දීය රුපියල් කෝටියකි. ඉතිරි ක්රීඩකයන් ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මිලක් නියම වී ඇත.
IPL වෙන්දේසියට යන ශ්රී ලංකා ක්රීඩකයන්
ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, සචිත්ර සේනානායක, උපුල් තරංග, අසේල ගුණරත්න, තිසර පෙරෙරා, ඇන්ජලෝ මැතිව්ස්, ඩිල්ෂාන් මුණවීර, සීක්කුගේ ප්රසන්න, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ණුවන් කුලසේකර, ධනන්ජය සිල්වා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


