වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් පැවැති වැඩමුළුවේ වාර්තාව ඊයේ (27දා) ක්‍රීඩා අමාත්‍ය නීතීඥ්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත පිළිගන්වනු ලැබිණි.
ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසිනි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසූරිය මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම වාර්තාව සලකා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් දිගු කාලීන සැලසුම් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය මානව සම්පත් ලබා ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇත.
ක්‍රිකට් වැඩමුළුව පසුගියදා කොළඹ වෝටර්ස්එජ් හෝටලයේදි පැවැත්විණ.