ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉවත්කර නව කළමනාකරුවෙකු පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
චරිත් සේනානායක මහතාට එරෙහිව දිගින් දිගටම විවිධ චෝදනා හා පැමිණිලි එල්ලවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, එම තනතුර බොහෝදුරට ජෙරොම් ජයරත්න මහතා වෙත ලබාදෙනු ඇතැයි වාර්තාවේ.