ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ගිණුම් වාර්තා අනුමත කරවා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සඳහා අතිවිශේෂ මහ සභාවක් කැඳවීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
ඊයේ සවස පැවැති ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එම අතිවිශේෂ මහ සභාව ජුනි 18දා පැවැත්වීමට නියමිතය.
ජනවාරි මාසයේ පැවැති වාර්ශික මහ සභාවේදී ගනු ලැබූ එහෙත් ක්රියාත්මක කර අවසන් කිරීමට නොහැකිවූ අයිතම සම්පූර්ණ කිරීමටත් මෙම අතිවිශේෂ මහ සභාවේදී සිදුකිරීමට නියමිතය.