ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම සුදර්ෂණට
ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ පළමු අදියර සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පසුගියදා (25දා) එළිදක්වන ලදී. කෙසේ නමුත් ශ්‍රී ලංකා නිත්‍ය නායක ලෙස කටයුතු කරන ධනුෂ්ක රංජන් උරහිසේ ආබාධයක් හේතුවෙන් මෙම සංචිතයට ඇතුළත්ව නොමැති අතර, ඒ වෙනුවට සුදර්ෂණ මුතුතන්ත්රි කණ්ඩායම් නායකත්වයට පත්කර ඇත.
මෙම තරගාවලිය හොංකොංහි කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී එළැඹෙන සැප්තැම්බර් මස 01 හා 02 යන දෙදින තුළ පැවැත්වෙන අතර, කණ්ඩායම් 08ක සහභාගිත්වයෙන් කාණ්ඩ 02ක් යටතේ පැවැත්වෙන මෙහි ශ්‍රී ලංකාව 'බී' කාණ්ඩයෙන් තරග වදියි. එම කාණ්ඩයට ජපානය, ද. කොරියාව, චීන තායිපේ ඇතුළත් වන අතර, මෙහි 'ඒ' කාණ්ඩයට සත්කාරක හොංකොං, චීනය, පිලිපීනය හා මැලේසියාව ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකා සංචිතය
සුදර්ෂණ මුතුතන්ත්රි (නායක), සුදම් සූරියආරච්චි, ජේසන් දිසානායක, ඔමල්ක ගුණරත්න, නවීන් හීනකම්කානම්ගේ, තරින්ද රත්වත්තේ, කවිඳු පෙරේරා, දනුෂ දයාන්, බුද්ධිම පියරත්න, හිරන්ත පෙරේරා, චානක චන්දිමාල්, සමිත් ධනංජය
රනිල් ප්‍රේමතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

