(VIDEO) කෙන්ට් ප්රාන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයෙන් ලකුණු 128ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගයේදි ශ්රී ලංකා කණ්ඩායමේ කුසල් පෙරේරා හැරෙන්නට සෙසු සියලු පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට සමත් විම කැපී පෙනේ.
කාසියේ වාසිය දිනාගත් කෙන්ට් කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 301ක රැස් කළේය. වේගවත් ඉනිමක් ක්රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 47ක් රැස් කළේය.
ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 302 ක ඉලක්කයට පිළිතුරු වශයෙන් කෙන්ට් කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 173ක් පමණි.තරගය ඊයේ (16දා) කැන්ටබරිහිදී පැවැත්විණි.
ශ්රී ලංකා කණ්ඩායම 301/7 (පන්දුවාර 50)
තිලකරත්න ඩ්ල්ශාන් 35 (පන්දු 28)
කුමාර් සංගක්කාර 33 (පන්දු 38)
මහේල ජයවර්ධන 30 (පන්දු 43)
දිනේෂ් චන්දිමාල් 47 (පන්දු 31)
ළහිරු තිරිමාන්න 49* (පන්දු 73)
ඇන්ජලෝ මැතිව්ස් 51 (පන්දු 59)
රොබී ජෝසප් 4/58 (පන්දුවාර 10)
ජේම්ස් ට්රෙඩ්වෙල් 1/45 (පන්දුවාර 10)
කෙන්ට් කණ්ඩායම 173/10 (පන්දුවාර 36.3)
ඇලෙක්ස් බ්ලේක් 60 (පන්දු 65)
සෑම් බිලින්ග්ස් 29 (පන්දු 29)
සුරංග ලක්මාල් 3/16 (පන්දුවාර 7)
තිසර පෙරේරා 3/33 (පන්දුවාර 7)
අජන්ත මෙන්ඩිස් 3/55 (පන්දුවාර 9.3)