ශ්‍රී ලංකා ඒ ලකුණු 78ක් ඉදිරියෙන්
සත්කාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා සංචාරක කොදෙව් ඒ කණ්ඩායම අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිවුදින ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනට අද (20දා) තරගය නතර කරනවිට පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 63ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 78ක් ඉදිරියෙන් සිටියි.
පෙරේදා දිනට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 137ක් රැස්කරගෙන සිටි අතර, ඊයේ දිනයේදී ලකුණු 29ක් ඇතුළත සෙසු කඩුලු හතර දවාගැනීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.
තම පළමු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 40.4ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 151ක් පමණි.
පසුගිය සෙනසුරාදා (18දා) මෙම තරගය ආරම්භ වූ අතර, එදින ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් පළමු දිනය සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදුවිය.
පෙරේදා දිනයේදීද නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකිවිය. හෙට (21දා) තරගයේ අවසන් දිනයයි.
ඡායාරූපය ශාන්ත රත්නායක
	
ශ්‍රී ලංකා පළමු ඉනිම 166/10 (පන්දුවාර 40.5)
කිත්රුවන් විතානගේ 54 (පන්දු 60, 4x8, 6x1)
අශාන් ප්‍රියන්ජන් 40 (පන්දු 51, 4x5, 6x1)
දිමුත් කරුණාරත්න 25 (පන්දු 48, 4x3)
ශනොන් ගෙබ්රියල් 5/29 (පන්දුවාර 10)
මිගෙල් කමින්ස් 3/49 (පන්දුවාර 11.5)
ශේන් ශිලින්ෆෝඩ් 2/54 (පන්දුවාර 9)
කොදෙව් පළමු ඉනිම 151/10 (පන්දුවාර 40.4)
ක්රිග් බ්‍රාත්වෙයිට් 76 (පන්දු 108, 4x9)
චද්වික් වෝල්ටන් 25(පන්දු 33, 4x3, 6x1)
තරිඳු කෞෂාල් 5/73 (පන්දුවාර 14.4)
නුවන් ප්‍රදීප් 3/28 (පන්දුවාර 10)
කසුන් මධුසංඛ 2/30 (පන්දුවාර 9)
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 63/4 (පන්දුවාර 27)
උපුල් තරංග 40 (පන්දු 79, 4x6)
ජෙර්මෙනී බැලැක්වුඩ් 2/8 (පන්දුවාර 2.3)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                