ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට ඉතිරිව තිබූ අවසන් අභිමානයත් වළකාලමින් ලින්කන්හි අද (13දා) පැවැති සිවුවැනි හා අවසන් නිල නොවන එක්දින තරගයෙන්ද ලකුණු 172ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත 'ඒ' කණ්ඩායම සමත්විය. මෙම තරගයත් සමග තරග හතරකින් සමන්විත නිලනොවන එක්දින තරගාවලිය තරග 4 – 0 ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
පන්දුවාර 45කට පමණක් සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යව තුළදී කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 299 ක් රැස්කිරීමට සමත්විය. අංක 06 පිතිකරුවා ලෙස පිටියට පිවිස වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ මිචෙල් සැන්ට්නර් පන්දු 43කදී නොදැවී ලකුණු 70ක් රැස්කිරීමට සමත්විය. ඊට අමතරව ඩග් බ්‍රාස්වෙල් (53) අර්ධ ශතකයකින් ඉනිම ගොඩනැගීම සඳහා දායක විය. කසුන් රජිත (2/63) හා ළහිරු මධුසංඛ (2/50) ශ්‍රී ලංකාව වෙනුවෙන් සැලකිය යුතු පන්දු යැවීමක නිරත වූහ.
ලකුණු 300ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 25.4 ක් අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 39 ක් රැස්කළ අතර, එය ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු ප්‍රමාණය විය. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන සෙනසුරාදා (17දා) ක්රයිස්චර්ච්හිදී පැවැත්වේ.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව