ශ්‍රී ලංකාව හා ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්ට අහිමි වී තිබේ. ඒ ඔහුගේ දකුණු පාදයේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙනි. ඒ අනුව අමීර් වෙනුවට වමත් වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ශින්වාරි කණ්ඩායමට කැඳවූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඊයේ(07දා) නිවේදනය කළේය.
ඩුබායි හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ පළමු දිනයේදී පන්දුවාර 17ක් යොමු කිරීමෙන් පසු අමීර් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්විය. කෙසේ වෙතත් ඔහු දෙවැනි දිනයේදී පන්දු යැවීමට පිටියට පිවිසියද යොමුකළ හැකිවූයේ පන්දුවාර තුනක් පමණි.
“එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවෙන්පසුව වේග පන්දු යවන්නා සති දෙකක සිට තුනක කාලයක් දක්වාවිවේක ගැන්විය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබුණා” යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
පළමු තරගයේදී අමිර්ට කඩුලු දවා ගැනීමට නොහැකිවූ අතර එහිදී ඔහු පන්දුවාර 39ක් යොමුකළේය.එම තරගය ලකුණු 21කින් පාකිස්තානය පරාජයට පත්විය.