(UPDATE) සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ඉන්දීය කණ්ඩායම තෙවැනි දිනයට තරගය නිමා කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට මේ වන විට ලකුණු 157ක් ඉදිරියෙන් සිටියි.
.jpg)
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 393ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණඩායම සියලු දෙනා දැවි ලකුණු 306ක් රැස්කළේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 87ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ හය වැනි ශතකය වාර්තා කළේය.
ඔහුට අගනා සහායක් දුන් ළහිරු තිරිමාන්න සිය ටෙස්ට් දිවියේ සිවුවැනි අර්ධ ශතකය වාර්තා කළේය.