ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 504ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 126ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 378ක් පසුපසින් සිටියි.
ලකුණු 17දි සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු දෙකම දවා ගැනිමට නායක රංගන හේරත් සමත්වුවත් බ්‍රයන් චාරි හා ක්‍රෙග් ඒවයින් නොදැවුණු ලකුණු 109ක සබඳතාවක් ගොඩනගමින් ඉනිම ගොඩනැංවූහ. ඔවුන් දෙදෙනාම ලකුණු 60 බැගින් රැස්කරගෙන තිබෙයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 504ට දැවී ගියේය.
ලකුණු 112ට කඩුලු හතරක්ව පැවැති ශ්‍රි ලංකා ඉනිම උපුල් තරංග, ධනංජයද සිල්වා හා අසේල ගුණරත්න ඇතුළු පසුපෙළ පිතිකරුවන් විසින් ලකුණු 504ක් දක්වා රැගෙන ආහ.
ධනංජයද සිල්වා හා අසේල ගුණරත්න ශතක වාර්තා කළ අතර ග්රැහැම් ක්‍රීමර් හා ඩොනල්ඩ් ටිරිපානේ කඩුලු තුන බැගින් බිඳ හෙළුහ.