අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ රීති පද්ධතිය කඩ කිරීම හේතුවෙන් ඉන්දීය වේග පන්දු යවන ක්රීඩක ඉෂාන්ත් ශර්මාටත් ශ්රී ලංකාවේ දිනේෂ් චන්දිමාල්ටත් එක් තරග තහනමක් පැනවීමට ක්රිකට් කවුන්සිනය තීරණය කර තිබේ.
එසේම ධම්මික ප්රසාද්ට හා ළහිරු තිරිමාන්නට තරග මුදලින් 50%ක දඩයක්ද පනවා තිබේ. එස්.එස්.සී. පිටියේ නිමා වූ ටෙස්ට් තරගයේ මෙම ක්රීඩකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වීම මෙම තරග තහනම් පැනවීමට හා දඩ පැනවීමට හේතුවයි.
ඒ අනුව ඉදිරියේදී කොදෙව් කණ්ඩායම ශ්රී ලංකාවේ සිදු කිරීමට නියමිත තරග සංචාරයේදී චන්දිමාල්ට පළමු එක්දින තරගය අහිමිවෙනු ඇත.
ඡායාරූප ශාන්ත රත්නායක